on
Lesson 02 - හෙලෝ වර්ල්ඩ් | Hello World!
Hello World කියන ටෙක්ස්ට් එකක් output කරමු.
[youtube https://www.youtube.com/watch?v=xpDANSPvUmY]
තේරුම් ගත යුතු කොටස් කිහිපයක්.
#include<iostream> - Screen එකට Output කරන්න, Keyboard එකෙන් input ගන්න අපි iostream (input output stream) හෙඩර් ෆයිල් එක භාවිතා කරනවා. ඉස්සරහට තව හෙඩර් ෆයිල් වලින් වැඩ තියේ.
using namespace std; - cout, cin commands ඉදිරියෙන් std:: නොගහ කම්පයිල් කරන එක ලේසි නිසා using namespace std; යොදා ගන්නවා. (ලොකු කෝඩ් ලියන කොට namespaces වලට බෙදන්නයි මෙක use වෙන්නේ.)
int main() { } - අපේ main ෆන්ෂන් (funtion) එක. අර curly brackets 2 ඇතුලේ තමා අපි කෝඩ් ලියන්නේ. ඉස්සරහට main වලට අමතරව තව funtion වැඩ ගොඩක් එනවා.
return 0; - Program එකේ වැඩ ටික කිසි අවුලක් නැතිව උනා කියල OS එකට කියන්නේ මෙකෙන්. මේවට "එරර් කෝඩ්ස්" Error codes කියල කියන්නේ. Error නැත්නම් return 0; , errors තියේ නම් return -1; මේවත් ඉදිරියේදි භාවිතා වේවි.
//comments - කෝඩ් එක තව කෙනෙක්ට තේරුම් ගන්න ලේසි වෙන්න අපි කොඩ් එක ඇතුලෙම කමෙන්ට් කරනවා. කමෙන්ට් පටන් ගන්නේ // න්. දිග රචනාවක් එහෙම කමෙන්ට් කරනවා නම්, /* ඔබේ රචනාව */
උදා 1.
//helloWorld.cpp
#include<iostream>
using namespace std;
int main()
{
cout << "Hello World" << endl;
return 0;
}
උදා 2.
//helloWorld.cpp
#include<iostream>
int main()
{
std::cout << "Hello World" << std::endl;
return 0;
}
ස්තූතියි.
ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු.